ලෝක ළමා දිනයට ජනාධිපතිතුමා පාසල්වලට දුන්න තෑගි

ලෝකළමා දිනයට සමගාමීව අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා එම පාසැල් සඳහා ජංගම පුස්තකාල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්විය. 

එහිදී ජනාධිපතිවරයා සඳහන්සෑ කළේ සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළි වූ බවයි.

ඒ අනුව ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කිරීමටත් කටයුතු ඉටු කර තිබේ. එමෙන්ම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කර ඇත.

 ඔක්තෝම්බර් 01 වනදා“ලෝක ළමා දිනය” සැමරෙන අතරම “කියවිමේ මාසය” ආරම්භ වන හෙයින්. පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල,  කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

 මේ අනුව ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා  වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට  ආසන්න වේ.මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ද ලබා දී තිබේ.  

දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ ජනාධිපතිතුමා අනතුරුව ඔවුන්ට ජනාධිපති කාර්යාලය නැරඹීමට ආරාධනා කළේය.

 510 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply