මෙගා පොලිස් ගැහිල්ලකට චම්පික රණවක හදිසියේ CIDයට කැඳවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන ප්‍රවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවය.

“මට අද රහස් පොලිසියෙන් එන්න කියලා තියෙනවා. අපේ අමාත්‍යංශයේ සිදු කරපු ප්‍රවර්ධන වැඩසටහනකට. ඉතින් මම ඇතුළට යනවා. මේ ආණ්ඩුව අද පත්වෙලා තියෙන අසරණ භාවය අපට පේනවා.”

කෙසේ නමුත් චම්පික රණවක මහතා අමාත්‍යවරයාව සිටි සමයේ මෙගාපොලිස් අමාත්‍යංශයේ මුදලින් අමාත්‍යංශ ප්‍රවර්ධන කටයුතු මුවාවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතන පවත්වාගෙන යමින් අමාත්‍යංශ මුදල් පොම්ප කරන ලද අකාරය සහ ඒ හරහා ක්‍රියාත්මක ප්‍රචාරණ ව්‍යාපෘති හුදෙක් අමාත්‍යංශ කටයුතු සඳහා නොව සිය සිහින ජනාධිපති පදවියක් වෙනුවෙන් තම ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා කල රාජ්‍ය මුදල් අවභාවිතයක් බව දන්නෝ දනිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල වගකීම වනුයේ සුද්රෙද්දෙන් වැසුණු චම්පිකලාගේ ගැහිලි රට හමුවේ හෙලිදරව්කොට අදාළ ජනතා බදුමුදල් නැවත අයකරගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට. 

 553 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply