“යකඩ මිනිසාට කෝටි 15ක් ” මහජන මුදලින් ප්‍රතිරුප පිම්බු පාඨලී CID කැඳවයි!

යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ “යකඩ මිනිසා”නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට එවකට එම අමාත්‍යාංශය භාරව සිටි ඇමැතිවරයා වන පාඨලී චම්පික රණවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (24 වැනිදා) කැඳවනු ලැබ ඇත.

මෙම ව්‍යාපෘතියේදී එක් පුද්ගලයෙකුගේ කීර්තිනාමය ඉහළ නංවන්න කටයුතු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අනුව ප්‍රකාශ ලබා ගැනීමට මෙම කැඳවීම කර තිබේ.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ව්‍යාපෘතියට අදාළව රජයේ නිලධාරින් 35 දෙනකුගෙන් දැනට ප්‍රකාශ ලබාගෙන
ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ව්‍යාපෘතිය සඳහා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ගෙවීමට ඇති රුපියල් මිලියන 75ක වචරයක් ගෙවීමට ඉල්ලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ඉල්ලීමකින් පසු මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුවිය. අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ 2020 නොවැම්බර් 23 වැනිදාය.

මෙම විමර්ශනවල අවසන් ප්‍රකාශය හිටපු ඇමැති චම්පික රණවකගෙන් ලබාගත් පසු නීතිපති උපදෙස් සඳහා යොමුකරන බව පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් පැවසු බව “අරුණ” පුවත්පත වාර්තා කර ඇත.

 509 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply