තිලීපන් සැමරූ සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට!

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා යාපනය පොලිසිය මඟින් ඊයේ (23දා) අත්අඩංගුවට ගනු ලැබීය. 

ඒ එල්.ටී.ටී.ඊ. නායකයකු වන තිලීපන් සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් සිටියදීය. 

යාපනය නල්ලූර් කෝවිල අසල එම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි. මෙම සැමරුම් උත්සවයට එරෙහිව යාපනය පොලිසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි. 

1987 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටි තිලීපන් දින 11කට පසු සැප්තැම්බර් 26 වැනිදා මිය ගියේය. ඔහු සිහිකරමින් එම දින කිහිපය තුළ මෙලෙස සැමරුම් උත්සව පවත්වති. 

තිලීපන් සිහිකිරීම සඳහා මෙම සැමරුම් උත්සවය අදාළ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවද අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් ඇතුළු දෙදෙනකුට එල්ල කර තිබිණි. පසුව ඔවුන් පොලිස් ඇප මත මුදාහැරිය බව උතුරේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

 484 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply