නිදියහන මත සැමියා බිරිදට කල අපරාධය!

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මතම අවසන් ගමන් යැවූ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව තොරතුරු වාර්තා වනවා

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇතමෙලෙස මියගොස් ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි.

මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය පවසයි.මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැ’කකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සී’රීම් තු’වාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැ ඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැ’කයක් මත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

 933 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply