වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය TNA එකෙන් ගැලවෙයි!

යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී, නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායමක් යටතේ තරග කොට එස්. සෙල්වේන්ද්‍ර මහතා ඊයේ (22දා) තේරී පත්වූ බව නගර සභා ආරංචි මාර්ග පවසයි.

නගර සභා ආරංචි මාර්ග අනුව නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා මහතා කොවිඩ් ආසාදිතව පසුගියදා ජීවිතක්ෂයට පත්විය. ඉන්් අනතුරුව නගර සභාවේ නව නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (22දා) පැවැත්වූ අතර නගර සභාවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ සෙල්වේන්ද්‍ර මහතා තේරී පත්විය.

උතුරු පළාත් පාලන කොමසාරිස් පී. පැටි්‍රක් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් නව නගරාධිපතිවරයකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී  දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. සදීශ් නමැති නියෝජිතයාට වඩා වැඩි ඡන්ද පහක් ලබා ගනිමින් නගර සභාවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ එස්. සෙල්වේන්ද්‍ර මහතා නව නගරාධිපතිවරයා ලෙස මෙසේ තේරී පත්වූ බව නගර සභා ආරංචි මාර්ග පැවැසීය.

නව නගරාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නගර සභාවේ හිටපු උප සභාපතිවරයා, දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් විය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ සභිකයන් හත්දෙනකු අතරින් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නගර සභාවේ හිටපු උප සභාපති හැර සභිකයන් හය දෙනකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. සදීශ් මහතාට පක්ෂව ඡන්දය ලබාදී තිබිණි.

නගර සභාවේ නව නගරාධිපති ලෙස තේරී පත් වූ එස්. සෙල්වේන්ද්‍ර  මහතා වෙනුවෙන් නගර සභාවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ සභිකයන් සිවුදෙනකු, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ සභිකයන් දෙදෙනකු, ඊ.පී.ඩී.පී. පක්ෂය නියෝජනය කළ සභිකයන් දෙදෙනකු, දෙමළ ජාතික සන්ධාන සභිකයකු, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභිකයකු, දෙමළ නිදහස් සන්ධානය නියෝජනය කළ සභිකයකු කැමැත්ත පළකොට ඡන්දය ප්‍රකාශ කොට තිබිණි.

පූර්ණ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් නගර සභාවේ ඡන්දය පැවැත්වූ බවද නගර සභාව පවසයි.

 481 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply