අගමැති හවුල්කාර පක්ෂ කැඳවයි‍!

ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල රැස්වීමක් හෙට (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම හෙට පස්වරු 04.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂ නායක හමුව කැඳවා ඇති බව සඳහන් වේ.

එම සිද්ධිය පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධ‍යෙන් විරෝධය දක්වමින් අදහස් පළ කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන හවුල්කාර පක්ෂ නායකයින් ඊයේ (21) දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණ ගැසී කෙරවලපිටිය බලාගාරයේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පෙරේදා දිනයේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඊට නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ඔවුන් මෙහිදී තීරණය කළේය.

මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, විදුලිබල අමාත්‍යවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී යම් ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි විශ්වාස කරන බවය.

“කෙසේවෙතත් දැනට තියෙන භාණ්ඩාගාර ආරංචිවල හැටියට සංකල්පමය එකඟතාවයකට පැමිණි බවයි දැනගන්න තියෙන්නේ. කෙසේවෙතත් අද දවසේත් මේ පිළිබඳ සාකච්ඡාවක් අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා කරනවා. එහෙම අවසන් එකඟතායක් නැති බවයි දැනගන්න තියෙන්නේ.”

 716 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply