Q-Shop වෙළෙඳසලක් කොටුව දුම්රියපොළ අසල විවෘත වේ!

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන Q-Shopàv වෙළෙඳසල් ජාලයේ නවතම ශාඛාව කොටුව දුම්රිය ස්ථානය අසලදී ඊයේ (21දා) වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී  ලංකා දුම්රිය සේවයේ හා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම නව Q-Shop අලෙවිසල විවෘත කරනු ලැබුවේ හුදෙක්ම මෙරට කේන්ද්‍රීය දුම්රිය ස්ථානයක් වන කොටුව දුම්රිය ස්ථානය හරහා සිය සේවා ස්ථානවලට ගමන් ගනු ලබන ජනතාවට රජයේ වගකීමක් සහිත ගුණත්වයෙන් ඉහළ පාරිභෝගික භාණ්ඩ සහනදායී හා සාධාරණ මිල ගණන් යටතේ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලබාදීමේ අරමුණ ඉටුකර ගැනීම සඳහා බව ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

රට තුළ සංචරණ සීමා හෝ හදිසි අවස්ථාවක් ඇතිවූ විටක, පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකි බවද ඇමැතිවරයා පැවැසීය.

 497 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply