”මෛත්‍රීගේ බළළා මල්ලෙන් එලියට පැන්නා” රොෂාන් රණසිංහ කියයි!

පොලොන්රුවේ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකරන්නට සැලසුම් කර ඇති ඇවිදින මං තීරුව ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් බව තමන්ට ප්‍රකාශ කරන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවට ගොස් ඊට හාත්පසින් ම වෙනස් දෙයක් ප්‍රකාශ කරන බවත් එතුමාගේ මෙම දෙබිඩි ප්‍රතිපත්තිය තේරුම් ගැනීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවේ ඊයේ (සැප්. 20) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.       

“පොලොන්නරුවේ සංවර්ධන සංරක්ෂණ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සහ කරන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජාතිවාදී ගැටලුවක් ඇති කරන්න උත්සහ පිරිසයි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව පක්ෂව හෝ විපක්ෂව ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. නමුත් පසුගිය දා  බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ හිටපු ජනපතිවරයාගේ කටින් මේක පැන්නා. 

හාමුදුරුවරු කිහිපනමක් කරන ප්‍රකාශය තමයි පොලොන්නරුවේ මතය කියලා රටේ ස්ථාපිත කරන්න උත්සහයක් තිබුණා.මහා සංඝරත්නය මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. කිහිප දෙනක් ඒ ස්ථානයට යවලා සංවර්ධන වැඩපිළිවෙළ කඩා කප්පල්කරන්න හැදුවා. මම කියන්නේ මේවා බොහො ම කැත වැඩ.

මහ සංඝරත්නය මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා විතරයි හිටපු ජනපතිවරයා සීගිරියේ හෙලිකොප්ටර් කතාවක් කිව්වා. මම විදේශගතව සිටියදී දුරකතන මගින් එතුමාට අපේ වැඩපිළිවෙළ ගැන කිව්වා. ඒ වෙලාවේ සිරිසේන හිටපු ජනපතිවරයා කිව්වේ, ඔව් මේක කළ යුතු වැඩක් නොදැනුවත්කම හින්දා වෙන්න ඇති සමහරු විරුද්ධ වෙන්නේ කියලයි. මට එකක් කියලා එතුමා මාධ්‍යයට තව එකක් කියනවා.                                 

මේ අය ගැන මට කිසි ම විශ්වාසයක් නෑ.”

 525 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply