පුවත නිවරැදි නොකලහොත් නඩු මගට පිවිසෙනවා!

අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීම පිළිබඳ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුශ්පිකා ද සිල්වා  සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ලබන වසරේ මුල අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට සූදානම් වන බැවින් දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වී සිටින බවත් රෝසි සේනානායක මහත්මියට පසු ශ්‍රී ලංකාවට විවාහක රූ රැජිණ කිරුළ නැවත ගෙන ඒම තම අරමුණ බවත් ඇය සඳහන් කර සිටියි.

අදාල සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම පුවත විකාශය කල අදාල නාලිකාවේ සියලුම පුවත් හරහා තමා නිවරැදි බව සඳහනක් නොකරොත් අදාල නාලිකාවට එරෙහිව නඩු මගට යොමු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 1,316 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply