රජයේ සහතික මිල අල්ලාගෙන දැන් සිදුකරන්නේ සහල් මාෆියාවක්!

රජයේ සහතික වී මිල අල්ලාගෙන දැන් ක්‍රියාත්මක වන්නේ වී ගැන සහල් මාෆියාවක් බව රජරට ගොවීහු සඳහන් කරති. නාඩු වී කිලෝවකට රු. 05ක් වැඩි කිරීම නිසා තමන්ට හෙක්ටයාර් 01කට රු. 25,000ක් ලැබෙන බවද එම මුදල අස්වැන්න නෙළා ගැනීමට යන වියදමට සමාන බවද ඔවුහු පෙන්වා දෙති.

කොරෝනා වසංගත තත්ත්වය තුළ රටේ මතුව තිබෙන සමාජ ආර්ථික පසුබෑම හමුවේ ගොවීන් පාරට බස්සවා ගොවීන් හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට දරන උත්සාහය පරාජය කළ යුතු බවද රජරට ගොවීහු ආවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොළොන්නරුව, අලුත්වැව ගොවි සංවිධානයේ සෝමිපාල හිඟුරගේ පෙන්වා දෙන්නේ වත්මන් රජය ගොවි ජනතාවට ලබාදී ඇති සහන වෙනත් කිසිම රජයකින් ලබාදී නොමැති බවයි. ඉස්සර සන්ලයිට් පෙට්ටි වාගේ පෙට්ටි ගෙනැල්ලා අපේ වී ටික හූරාගෙන කෑවා. දැන් ගොවීන්ට තම අස්වැන්න නියමිත ප්‍රමිතියෙන් කිරලා නියම මිලක් ගෙවනවා. අපේ සිංහල ගොවියා ලෙහෙසියට වැඩකරන්න බලන්නේ. ඒ නිසා තමයි කාබනික පොහොර වගාව පිළිබඳ බියක් ඇති කරගෙන කලබල වෙලා තියෙන්නේ. කම්මැළි නැතිව කාබනික පොහොර වගාව හරියට කළොත් ලෙඩ දුක් නැතිව අපේ දූ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ වසංගත රෝගයෙන් ජනතාව බේරා ගන්නට රජය කෙතරම් මුදලක් වැය කරනවද? ඒ අතරතුර තමයි ගොවියා රැක ගන්නත් රජය කැපවී කටයුතු කරන්නේ. සමහරු ගොවියා පාරට බස්වලා රජය පෙරළන්න හදනවා. ගොවියා ඒ මෝඩකම්වලට අහුවෙන්නේ නෑ.

නාගපොකුණ, ඩී 20 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ලාල් ලියනගේ මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නාඩු වී කිලෝවකට රු. 5ක් වැඩි කිරීම ගොවියාට විශාල වාසියක් බවය. අපි පහුගිය කාලයේ වී විකුණා ගත්තේ රු. 29 -30ටයි. මේ රජයෙන් අපිට වී මිලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ මිල තවත් ඉහළ යනවා නම් හොඳයි. නමුත් ආණ්ඩුව මේ වසංගත කාලේ මේ විදිහට හරි ගොවීන්ට සලකන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපි අමතක කරන්න හොඳ නෑ ඉකුත් පාලන සමයේ රටේ කිසිම වසංගතයක් නැතිව පොහොර සහනාධාරය නොදී වී ගත්තේ රු. 30ට කියලා.

 366 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply