රිජ්වේ ළමා රෝහලට කොවිඩ් දරුවන් ඇතුළත් කිරීම අඩුවෙලා!

පසුගිය කාලය පුරාවට කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා දිනකට දරුවන් 800ක් පමණ පැමිණියත්, රට තුළ හොඳ ප්‍රවණතාවක් පවතින නිසා දිනකට දරුවන් 300ක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විජේසූරිය මහතා පැවැසීය.

මේක හොඳ ප්‍රවණතාවක් බවත් මවුපියන් සමාජය තුළින් විසබීජ නිවෙස් ඇතුළට ගෙනැවිත් දරුවන් කොවිඩ් රෝගීන් බවට පත් කරන බවත්, තමන්ගේ දරුවන් ආරක්‍ෂා කර ගැනීමටත් ඒ වගේම තමන් ආරක්‍ෂා වීමටත් කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නැතිනම් හැකි ඉක්මනින් එන්නතක් ලබා ගන්නා ලෙස ජී. විජේසූරිය මහතා පැවැසීය. පසුගිය දිනවලදී ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවන් දිනකට 25-30 අතර ප්‍රමාණයක් ඇතුළත් කරනු ලැබූවත් අද වන විට එය 5-10 අතර පහතට පැමිණීම ඉතා හොඳ ප්‍රවණතාවක් බවද වෛද්‍ය විජේසූරිය මහතා අවධාරණය කළේය.

ළමා රෝහලේ කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් ආරක්‍ෂා සහිතව කටයුතු කිරීම නිසා පසුගිය සති දෙක තුළ කාර්ය මණ්ඩලයේ කිසිදු කෙනෙක් ආසාදිත නොවූ බවත් සමහරුන් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට විවිධ බොරු ප්‍රචාර ගෙනයන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 357 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply