රජ පිස්සුව හැදුණු චම්පික දැන් කුමන්ත්‍රණ කරනවා! [VIDEO]

“මේ දේශපාලන කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ රජ පිස්සුව හැදුණු, 2025දී කෙසේ හෝ හොඳින් හරි නරකින් හරි මේ රටේ ජනාධිපති වෙන්න සිහින දකින චම්පික රණවක.” 

“අද චම්පික රණවකගේ දේශපාලන වචනය පිළිගන්න තරමට කතෝලික සභාවේ ඇතැම් පියතුමන්ලා අන්ධවෙලා තියෙනවා” යැයි, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ පවසයි.

“විශේෂයෙන්ම සිරිල් ගාමිණී පියතුමා ඒ වගේම රොහාන් ද සිල්වා පියතුමා ප්‍රමුඛ කතෝලික සභාවේ කිසියම් පියතුමන්ලා සංඛ්‍යාවක් අද චම්පික රණවකගේ දේශපාලන ඉත්තන් බවට පත්වෙලා.” යැයිද සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දෙයි. 

“එදා අපි දැක්කා පාස්කු ප්‍රහාරය සිදුවන දවසේ නිරවුල් මනසකින් රටේ ජනතාව අමතපු අගරදගුරු හිමිපාණන් වහන්සේට අද එවැනි නිරවුල් මානසිකත්වයකින් කටයුතු කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ.”

“අද විශේෂයෙන්ම සිරිල් ගාමිණී පියතුමාගේත් රොහාන් සිල්වා පියතුමාගේත් ප්‍රාණ ඇපකරුවන් බවට අගරදගුරුතුමා පත්වෙලා තියෙනවා.”

“චම්පික මහත්තයෝ රජ පිස්සුව හැදුනට කමක් නැහැ. ඒක කරන විදිහක් තියෙනවා. ඒ නිසා මේ රටේ අහිංසක කතෝලික ජනතාව, බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර භේදභින්න ඇති කරලා මේ කරන දෙකයි පනහේ, තුට්ටු දෙකේ දේශපාලනය නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” 

 353 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply