නාඳුණන මළ සිරුරුවලින් ශීතකරණ පිරිලා

හඳුනා නොගත් මළසිරුරු තැන්පත් කර තිබීම හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති ශීතකරණ 36න් 27කම ඉඩ පහසුකම් නොමැති බව වාර්තා වෙයි.

මෙම රෝහලට දෛනිකව මළසිරුරු අටක් පමණ ලැබෙන අතර ඇතැම් මළසිරුරු වසරකට ආසන්න කාලයක සිට මෙහි තැන්පත් කර තිබේ. දැනට ඉතිරිව ඇති ශීතකරණ නවයෙන් දෙකක ශරීර කොටස් තැන්පත් කර ඇති බවද මෙම මළසිරුරු රැගෙන යන ලෙස පොලිස් ස්ථාන මාර්ගයෙන් ඥාතීන් දැනුවත් කර තිබෙන බවද වාර්තා වෙයි.

හෝමාගම, පානදුර, පිළියන්දල, කොහුවල, ගල්කිස්ස, මිරිහාන, බොරලැස්ගමුව, මොරටුව, කහතුඩුව, මොරටුමුල්ල, මීගොඩ, වැල්ලවත්ත යන පොලිස් ස්ථානවලින් මෙම මළසිරුරු යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

 255 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply