“මාධ්‍ය සදාචාරය තුට්ටුවකට මායිම් නොකරයි” – අලුත් චැනල් එකේ වැඩසටහනට දසතින් විවේචන!

පසුගියදා සුප්‍රීම් TV නාලිකාව මගින් විකාශය කල සති අන්ත සජීවී වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ අදාළ වැඩසටහන තුලදී වැඩසටහනට සහභාගී නොවන විවිධ පුද්ගලයින්ගේ නම් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් අදහස් පලකිරීම හේතුවෙනුයි.

අදාළ රුපවාහිනි වැඩසටහන සහභාගී වූ ලහිරු පෙරේරා, උපේක්ෂා ස්වර්නමාලිනී හා මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් වැඩසටහනේ නිවේදිකාව වූ අංජනා අසන ප්‍රශ්න වලට පිළිතුරැ ලබා දීමේදී වික්ටර් රත්නායක මහතා, බෙනට් රත්නායක, ඉරාජ් වීරරත්න, යොහානි ද සිල්වා ආදී ප්‍රසිද්ධ චරිත විවේචනය කරන අකාරය දකින්නට ලැබුණු අතර සුප්‍රීම් TV නාලිකාව සමාජ මාධ්‍ය තත්වයට වැටෙමින් මෙසේ කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේද මේ සඳහා විවේචන එල්ල වන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කළා ලෝකයේ ප්‍රවීනයින් කිහිප දෙනෙකුම පැවසුවේ අලුතින් ආරම්භ කල සුප්‍රීම් TV නාලිකාව මෙන්ම වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාවද මාධ්‍ය සදාචාරය පිළිබඳව කිසිදු දැනුමකින් තොරව සමාජ මාධ්‍ය හා YouTube නාලිකා තත්වයට වැටෙමින් මෙරට මාධ්‍ය සංස්කෘතිය විනාශ කරමින් මාධ්‍ය සදාචාරය විනාශ කරමින් සිටින බවයි. 

අදාළ වැඩසටහනට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබුනේ මේ අයුරින්…

 8,975 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply