කතෝලික සභාව කඩන චම්පිකගේ කුමන්ත්‍රණය හෙළි වෙයි! [VIDEO]

කතෝලික සභාව දෙකඩ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් පාඨලී චම්පික රණවක විසින් සිදුකරමින් සිටින බව “සිංහලේ ජාතික සංවිධානයේ” ප්‍රධාන කැඳවුම්කරු ප්‍රදීප් සංජීව මහතා සඳහන් කරයි.

බෞද්ධයන් හා කිතුනුවන් අතර ගැටුමක් ඇති කිරීමට චම්පිකලා උත්සාහ කරන බවත්, චම්පිකලාගේ මේ තුච්ඡ තුප්පහි දේශපාලනය නිසා, ඉදිරියේදී කිතුනුවන් හා බෞද්ධයන් අතර ගැටුමක් ඇති වුණොත් චම්පිකලා සම්පූර්ණයෙන් එහි වගකීම භාර ගතයුතු බවත් ප්‍රදීප් සංජීව මහතා සඳහන් කරයි.

රදගුරු සභාවේ මීළඟ කාදිනල් වීම සඳහා සිහින දකින පියතුමන් සහ ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් පසුවන පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ෂෙහාන් මාලක නමැති අයකු විසින් සංවිධානය කර ඇති බවත් වාර්තා වේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් නැවතත් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවි පාර්ශ්වය පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි.

එහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමන් සිදුකළ ඇතැම් ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධාන කැඳවුම්කරු ප්‍රදීප් සංජීව මහතා ඉකුත් දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2025 වසරේදී ජනාධිපතිවරයා වීමේ සිහින දකින පාඨලී චම්පික රණවක සහ මීළඟ කාදිනල් තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින පියතුමකු මෙම සිද්ධිය යොදා ගනිමින් ඉන් ප්‍රයෝජන ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය.

අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී පාඨලී චම්පික රණවක සහ සිරිල් ගාමිණී පියතුමන් අතර හමුවකදී සිදුවූ සංවාදයක හඬපටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කිරීමට ප්‍රදීප් සංජීව මහතා කටයුතු කළේය. එම හමුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයක සිදුව ඇති බවත් එහි සිටින ජූලියන් නමැති පියතුමකු පාඨලී චම්පිකට හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ ෂෙහාන් මාලක ගමගේ යන අය බවත් ප්‍රදීප් සංජීව මහතා පැවැසීය. ඔහු ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් එම පියතුමා කාදිනල්තුමා සමඟ විරසකයකින් සිටින බවය.

ප්‍රදීප් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ සියලු සාක්ෂි තමන් සතුව තිබෙන බවත් මෙපමණ කල් ඒවා හෙළි නොකළේ ආගමික සංහිඳියාව රැකගැනීමට බවත්ය.

උපුටා ගැනීම : www.mawbima.lk

 2,053 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply