කොවිඩ් නියුමෝනියාවට දෙන Tocilizumab බාල එන්නත් හොර පාරෙන් ලංකාවට!

කොවිඩ්-19 නිව්මෝනියා රෝගීන් සඳහා ප්‍රතිකාර වශයෙන් ලබාදෙන Tocilizumab නම් ඖෂධය, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව විවිධ සමාගම් මගින් එම නම සඳහන් ව්‍යාජ එන්නත් රට තුළට ගලා එමේ අනතුරක් ඇතැයි මෙරට මහ පරිමාණයෙන් ඖෂධ අපනයන කරන අව්‍යාජ සමාගම් පෙන්වා දෙයි.

ලෝකයේ සමහර රටවල මේ වන විට මෙම ව්‍යාජ එන්නත අලෙවි කරන බවට තොරතුරු තිබෙන බවත් එවැනි ඖෂධ මිලදී ගැනීමේදී මෙරට ජනතාව දැඩි අවදානමකට ලක්විය හැකි බවත් එම සමාගම් පවසයි.

මෙම ඖෂධය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල්වල භාවිත කරන අතර, ඒවා පෞද්ගලික අංශයේ විවිධ සමාගම් මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ විවිධ ආකාරයෙන් රට තුළට රැගෙන එමින් පවතී.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව හොර පාරෙන් මෙම එන්නත මෙරටට ගෙන එමින් එවැනි එක් එන්නතක් රුපියල් ලක්‍ෂ 5ත් 7ත් අතර මුදලකට අලෙවි කරන අතර, එවැනි ජාවාරමක් පසුගියදා බොරැල්ලේ ස්ථානයකින් අල්ලා ගත් බවට තොරතුරු පසුගිය 8 වන දා ‘මව්බිම’ ප්‍රධාන පුවතින් “එන්නත් ජාවාරමක් බොරැල්ලෙන් අල්ලයි එන්නතක් ලක්‍ෂ 7 ගණනේ විකුණලා” යන සිරස්තලය යටතේ අනාවරණය කරන ලදී.

මෙම එන්නත බොහෝ විට හොර පාරෙන් මෙරටට ගෙන එන්නේ විදේශ ගතව සිට මෙරටට එන මෙවැනි ජාවාරම්වල යෙදී සිටින අයවලුන් විසිනි. ඒවා ඔවුන්ගේ ගමන් මලු තුළ බහා ගෙන එන අතර විශේෂයෙන් මෙම එන්නත සෙල්සියස් අංශක 2%-8% අතර උෂ්ණත්වයක් ඇති බහාලුමක ගෙන ආයුතුය. එහෙත් එවැනි උෂ්ණත්වයක් නැති ගමන් මල්ලක එම එන්නත පැය ගණනක් තිස්සේ බහා තිබීමෙන් එන්නතේ බලය හීනවීමක් ද සිදුවිය හැකිය. නිව්මෝනියාවෙන් දැඩි ලෙස පෙළෙන කොවිඩ්-19 රෝගීන්ට එවැනි එන්නතක්දී ම අහිතකර තත්ත්වයකි.

මේ වන විට Tocilizumab එන්නත රජයේ රෝහල් තුළ නොමැති අතර ඒවා මිලදී ගැනීම සඳහා රජයේ ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවා ඇතත් එන්නත ගෙන ඒම සඳහා තෝරාගත් ලංසුකරුවන්ට ඒවා මෙතෙක් පිළිගන්වා නැත.

‘මව්බිම’ට වාර්තා වන අන්දමට පසුගිය අගෝස්තු 23 වන දින DHS/RP/196/2021 දරන ටෙන්ඩර් අංකය යටතේ මිල ගණන් කැඳවා ටෙන්ඩර් විවෘත කිරීම ද සිදුකර ඇත.

 662 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply