සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය සමගි ජන බලවේග මන්ත්‍රී ඇතුළු 15ක් දැලේ…

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් ම රමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු පෙරේදා (18 දා) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොළොන්නරුව, සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර්යාලවල නිලධාරින් පිරිසක්ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක්ද එක්ව මෙම වැටලීම සිදු කර ඇත. මෙම පිරිස දින කිහිපයක් එහි වාඩි ලාගෙන උයා පිහාගෙන කමින් ම ත්පැන් පානය කරමින් සිට ඇති අතර පිරිසක් නෙළුම් විල නම් වැවෙහි මසුන් ම රමින් සිට ඇත.

සැකකරුවන් සමග යතුරුපැදි 08ක්, මාළු ඇල්ලීම සඳහා යොදා ගත් දැල් ආම්පන්න, කූඩාරම් ගැසූ ද්‍රව්‍ය, ආහාර පිසීමට යොදාගත් හට්ටි මුට්ටි ඇතුළු නඩු භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ක සිප්පු පානය කරමින් දින කිහිපයක් තිස්සේ මසුන් මරමින් විනෝද වෙමින් මෙම පුද්ගලයන් වනෝද්‍යානය තුළ සැරි සරා ඇති බවත් සැකකරුවන් සියලු දෙනාටම වනජීවී බලතල අනුව ඇප ලබාදීමට කටයුතු කළ බවත් සඳහන් කරයි.

පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්නගේ උපදෙස් පරිදි විශේෂ වැටලීම් ඒකකයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් ඇතුළු පිරිසක්ද පොළොන්නරුව, සුංගාවිල, සෝමාවතිය යන අඩවිවල නිලධාරීන් හා අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක්ද මෙම වැටලීම සිදු කළහ.

 649 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply