වසර එකොළහක් තිස්සේ විභාගයට ගැනුණු ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (30) එම නඩුවේ විත්තිකරු වූ වක්වැල්ලේ චූලාලංකාර නම් භික්ෂුවට අවුරුදු 20 ක බරපතළ වැඩසහිත සිර දඬුවමක් නියමකර තිබෙනවා.

ලිංගික අපයෝජනයට ලක්වූ එවකට කුඩා හිමිනමක වූ වින්දිත අය මේ වනවිට චීවරය අතහැර ගිහි ජීවිතයට ඇතුළුව සිටී. 2009. 07. 01 වෙනිදා සිට 2009. 07. 31 වන දින දක්වා කාලය තුළ මෙම අපයෝජනය සිදුව ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම කරුණු ඔප්පුවී තිබේ.

සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 25,000 ක දඩයක් ද වින්දිතයාට රුපියල් 500,000 ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 24 ක සිරදඬුවමක් ද නියම කර ඇත.

.

ඇති බවත් විත්තිකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දු කරමින් විනිසුරුවරයා තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here