ගුද මාර්ගයේ සඟවා හෙරොයින් ගෙන ගිය සැකකරුවන් සිව් දෙනෙකු කුඩාඔය ප‍්‍රදේශයේ දී ඌව-කුඩාඔය පොලිසිය මගින් පෙරේදා (29 දා) අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මොරටුව ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටින විටදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
 සැකකරුවන් හෙරොයින් පැකට් 100ක් ගුද මාර්ගයේ සඟවා ගෙන ප‍්‍රවාහනය කර ඇති අතර එහි බර ග‍්‍රෑම් 06යි මිලිග‍්‍රෑම් 750ක් පමණ වෙයි. එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 08ක් පමණය.
 
 සැකකරුවන් කුඩාඔය සහ මොරටුව ප‍්‍රදේශවල පදිංචි 23, 32, 36 සහ 42 හැවිරිදි වැල්ලවාය ප‍්‍රදේශයට හෙරොයින් බෙදාහරින ප‍්‍රමුඛ පෙළේ ජාවාරම්කරුවන් බව අනාවරණය වී තිබේ.
 
 සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථන සහ ටෙලර් කාඞ් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here