අද ගොඩක් දේශපාලනඥයන් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්යාවන් නිසා යැයි’ අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

‘කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති මෙවැනි කාලවකවානුවක එලීනා ජයවර්ධන වැනි නිහතමානී කාන්තාවන් පිළිබඳව කෘතියක් එළිදැක්වීම ඉතා කාලෝචිත යැයි’ ද අගමැතිවරයා පෙන්වා දෙයි.

සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ‘එලීනා ජයවර්ධන _ චරිතයක කතාවක්’ සහ ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා’ යන කෘතීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වූ අවස්ථාවට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

‘මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවෙසට ආසන්න නිවෙසක. එතැන තවත් වෛද්‍ය සිසුන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කෙ ඒ දවස්වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළිදැක්වීම කාලෝචිත ක්‍රියාවක්. මේ පොත කාන්තාවන් කියවිය යුතුයි. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි’ ද අගමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here