“මෙරට තරුණ තරුණියන්ට ජපානයෙන් රැකියා දහසක්” – අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් තැබේ!

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථාව ලබාදීමට ජපාන රජය එකගවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා සදහා අවස්ථාව ලබාදීමට එකගවී ඇති බවයි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා පැවසුවේ මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් වන බවයි. ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට තරුණ තරුණියන් දසදහසකට ජපානයේ රැකියා අවස්ථාව ලබාදීමට මැදිහත්වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පළකර තිබේ.

මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ තරුණියන්ට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 975 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply