“ඉල්ලා අස්වන ලෙසට ඉහලින් නියෝග” – බන්ධනාගාර ඇමති ලොහාන් ඇමැතිකමින් අස්වෙයි!

ඉන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ.

සිය ලිපියෙන් ඔහු පවසන්නේ මේ දිනවල තමන් සම්බන්ධයෙන් පැතිර යන කරුණු හේතුවෙන් රජය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ ලොහාන් රත්වත්තේ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට කල ඉල්ලීම ජනාධිපතිවරයා පිළිගත් බවයි. සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ඉතාලියේ සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලොහාන් රත්වත්ත මහතාට වහාම සිය දුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම්දී ඇති අතර එම දුරකථන ඇමතුමට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දුරකථන මාර්ගයෙන් සාකච්චාවක් පැවති බවටද වාර්තා පලවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහතින්….

 475 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply