අසාත් සාලිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි!

පාස්කු ඉරුදින  ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා එම නඩුවෙන් නිදහස් කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (14) ප්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කරනු ලැබ තිබූ අවස්ථාවක සැකකරු නඩුවෙන් මුදා හැරීමට මෙම අධිකරණයට කිසිදු බලයක් නැතැයි සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එ සම්බන්ධයෙන් නියෝගය අද (14)  ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය .

ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාට චෝදනා එල්ල කළ ද ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව එම ඉල්ලීමට අදාළ නියෝගය අද (14) ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේය.

 485 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply