ජනගහණයෙන් සියයට 50කට එන්නත් දුන් රටවල් අතරට ශ්‍රී ලංකාවත්!

ඉලක්කගත ජනගහනයෙන් සියයට 50 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් රටවල් අතරට අද (14) දිනයේදී ශ්‍රී ලංකාව ද එක් වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙය රටක් ලෙස සියලු ජනතාව ලබාගත් ජයග්‍රහණයක් බවද ඇමතිවරයා කීවේය.

කුඩා දූපත් රාජ්‍ය හැරුණුවිට මේ වන විට ජනගහණයෙන් සියයට 50 කට එන්නත් ලබ දී ඇත්තේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මැලේසියාව වැනි ජී 7 කලාපයට අයත් රටවල් බවත් ඉන් රටවල් හතරක්ම එන්නත් නිපදවන රටවල්  බවත් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 375 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply