ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත දීලා!

රසායනික පොහොර තහනමට පෙර ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්ත වලින් 96%ක් වැරදි යැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තමාට දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලබාදුන් දත්ත පදනම් කර ගනිමින් සිදු කළ නියැදි සමීක්ෂණයේදී ඒවා වැරදි බව තහවුරු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තමාට දැනුම් දුන් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (13) පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරයේෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණය සඳහා එහි ගිය අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

අදාළ සමීක්ෂණ වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවද කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවෙි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨය නුවරඑළිය ප්‍රදේශයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයකදී වසර දෙකක් ගතවන තුරු නුවරඑළිය ගොවීන්ට වගා සඳහා පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවහෙළිවී ඇති බවත් එම සමීක්ෂණ වාර්තාව මේ දක්වා ප්‍රකාශයට පත්කර නැති බවත්ය.

 336 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply