ඉතාලියට ගිය මහින්දට ‌විරුද්ධය දැක්වුවාට විරෝධයක්!

ඉතාලියේ බොලෝඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැැති ”සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය” යන තේමාව යටතේ ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා විදේශ කටයුතු අමාත්‍යංශය ජී.එල්. පිරිස් මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සිදු කළ පිරිසට විරුද්ධව තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් විරෝධතාවක නිතර වූහ.

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයනු , සත්‍ය හෙලි කරනු යන සටන් පාඨ රැගෙන ඒම   පිරිසක් ශ්‍රී ලංකා රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ, ඒ පිළිබඳ විමර්ශනය ජනතාවට වසන් කර ඒවා යට ගැසීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් වින්දිතයන්ට යුක්තිය ඉටු නොකරන බවත් චෝදනා කළහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා යන ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් යන සංවිධානයක් විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට ඉතාලියේ ශ්‍රී ලාංකික පියතුමොද  ඒක්ව සිටියහ. 

මෙම උද්ඝෝෂණයට විරෝධය පාමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව ඔහුගේ ඡායාරූපය රැගත්  ශ්‍රී ලාංකිකයෝ තවත් පිරිසක් සාමකාමී රැලියක් පැවැත්වූහ.

ජී 20 අන්තර් ආගමික සමුළුවට සදහා ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රාගී මහතා, බොලෝඤ්ඤා අගරදගුරු මත්යෝ මරියා සුප්පි කාදිනල් හිමිපාණනෝ, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති දාවිදේ සස්සෝලී, ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් මහතා ඇතුලු රාජතාන්ත්‍රිකයන් හා ආගමික නායකයන් සහභාගීවි සිටි අතර මෙහි ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීය.

 376 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply