ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචනය කළ යුතුයි!

මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙසට සමාලෝචනය කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කවයේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ඇතුලු ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයන් 07 දෙනෙකු විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානය අවස්ථා ගණනාවකදී මෙරට රජයේ අවධානය යොමුකර තිබිණි. පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව සඳහාද මෙය ඇතුළත් කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කවයේ විශේෂ නියෝජති පිරිස ඇතුළු පිරිස නිකුත් කර ඇති නිවේදනයෙන් දැනට අත්අඩංගුවේ පසුවන හිජාස් හිස්බුල්ලා මහතා දිගින් දිගටම රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ද  දැඩි කණස්සල්ල පළකර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යොදා ගනිමින් හිස්බුල්ලා මහතාට වසරකට ආසන්න කාලයක් තිස්සේ සිය නීතිඥයින් සමග සම්බන්ධ වීම දැඩි ලෙස සීමා කර තිබීම සම්බන්ධයෙන් ලෝලර් ඇතුළු පිරිසගේ විශේෂ අවධානය යොමුව තිබේ.

 451 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply