පාස්කු ප්‍රහාරය ගැන බොරු මතවලට රැවටෙන්න එපා!

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවේ කාදිනල්තුමන් ඊයේ සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමිනි.

“ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා පිරිසක් මහජන මතයක් ගොඩනගන්න හදනවා. පොලීසිය, ආරක්ෂක අංශ සෑහෙන්න දුරට මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. උසාවියේ දැනට නඩු දාලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බොරු මතවලට රැවටෙන්න එපා. කාදිනල්තුමා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ මතය. ඒ කතෝලික බිෂෝප්තුමන්ලාගේ එකතුවට අපේ විමර්ශන නිලධාරීන් ගිහින් පැය 4ක් විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නෑ.”

 289 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply