ගබඩා, ප්‍රවාහනය පහසු කරන චීනයේ ප්‍රථම mRNA එන්නත!

චීනයේ ප්‍රථම mRNA කොවිඩ්-19 මර්දන එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව එලැඹෙන ඔක්තෝම්බර් මාසයේදී ක්‍රියාත්මක වීම ඇරඹෙන බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ යූක්සි හි පිහිටා ඇති මෙම පහසුකම හරහා වාර්ෂිකව mRNA එන්නත් මාත්‍රා මිලියන 200ක් නිෂ්පාදනය කළ හැකිය.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලව හරහා චීනයේ මහජන විමුක්ති හමුදාවේ මිලිටරි විද්‍යා ඇකඩමිය, සුෂෝ ඇබොජන් ජෛව විද්‍යා ආයතනය සහ වොල්වෑක්ස් ජෛව තාක්‍ෂණ ආයතනය එක්ව සංවර්ධනය කරන ලද ARCoV නමින් හැඳින්වෙන mRNA එන්නත නිපදවයි.

මෙම ARCoV එන්නත සඳහාද ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත් නිෂ්පාදනයේදී භාවිත කෙරෙන දියුණු mRNA තාක්‍ෂණයම භාවිත කරන බව කියයි.

මෙම එන්නත සම්බන්ධයෙන් චීනයේදී සිදුකරන ලද පළමු වැනි සහ දෙවැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී පෙනීගොස් තිබුණේ, මෙම ARCoV එන්නතද දැනට විදේශයන්හි භාවිත කෙරෙන mRNA එන්නත් හා සමාන ආරක්ෂාවක් ලබාදෙන බව යැයි සුෂෝ ඇබෝජන් ජෛව විද්‍යා ආයතනයේ නිර්මාතෘ යින්ග් බෝ පසුගිය අප්‍රේල් මාසයේදී පවසා තිබුණි.

එමෙන්ම මෙක්සිකෝව සහ ඉන්දුනීසියාව තෙවැනි මහා පරිමාණ සායනික අත්හදා බැලීම් සඳහා ARCoV එන්නත අනුමත කර ඇත. ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එහි සායනික අත්හදා බැලීම් නිරීක්ෂණය කෙරෙන බව වෝල්වොක්ස් ජෛව තාක්‍ෂණ ආයතනය පසුගිය සැප්තැම්බර් 1දා නිවේදනය කළේය.

එන්නතෙහි මූලික අමුද්‍රව්‍ය සහ ප්‍රධාන නිෂ්පාදන උපකරණ චීනයේදී දියුණු කර ඇති හෙයින් කර්මාන්ත ශාලාවෙහි නිෂ්පාදන ධාරිතාව ඉක්මනින් පුළුල් කළ හැකි බවද සඳහන් වෙයි..

ARCoV එන්නත් සතියකට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ සහ වැඩි කාලයක් සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වයක ගබඩා කළ හැකි අතර, එයින් අදහස් කරන්නේ එහි ගබඩා කිරීම හා ප්‍රවාහනය සඳහා සාපේක්ෂව අඩු පිරිවැයක් දැරීමට සිදුවන බවය.

සංසන්දනය කිරීමේදී, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෘණ 80ත් 20ත් අතර ඉතා අඩු ශීත උෂ්ණත්වයක ප්‍රවාහනය කළ යුතු අතර, එය සති දෙකක් සඳහා සෙල්සියස් අංශක සෘණ 20ක සම්මත ශීතකරණයක් තුළ පමණක් ගබඩා කළ හැකිය. එමෙන්ම මොඩෙර්නා එන්නතද සෙල්සියස් අංශක සෘණ 20ට අඩුවෙන් ගබඩා කළ යුතුය.

 639 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply