භාණ්ඩ 603 ආනයනය නවත්තලාද? බඩු හිඟයක් එයිද? එක එක බයිලා වෙනුවට ඇත්ත කතාව මෙන්න!

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව ආනයනික භාණ්ඩ වර්ග 603ක් ආනයනය කිරීම සඳහා 100% මුදල් තැම්පතුවක් අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව සියලු වාණිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා විවෘත කරන ණයවර ලිපි (Letter of Credit [LC]) සඳහා මේ නීතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැරදි මත පළකරමින් විපක්ෂ කණ්ඩායම් හා මාධ්‍ය ජාල කියා සිටින්නේ අදාළ භාණ්ඩ 603 ආනයනය සීමා කිරීම හෝ ආනයනය තහනම් කිරීමට රජය කටයුතු කරන බව හා ඒ හරහා එම භාණ්ඩ හිඟයක් රට තුල ඇති වන බවට මතයක් සමාජගත කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටී.

ආනයනය අපනයනය ගැන වත් නොදන්නා සමහරු විවිධ කතා කීවද සත්‍ය කතාව මේ හරහා ආනයන තහනමක් සිදු නොවන බවය. සිදුවන එකම කාරණය මීට පෙර පසුව ගෙවන පදනම මත ණයවර ලිපි [LC] විවෘත කර අදාළ භාණ්ඩ මෙරටට පැමිණි පසුව බැංකුවට මුදල් ගෙවීම වෙනුවට ආනයනකරුවන්ට අදාළ ආනයන ද්‍රව්‍ය සඳහා ණයවර ලිපි [LC] විවෘත කරන අවස්ථාවේදීම 100% මුදල් තැම්පතුවක් අදාළ බැංකුවට ලබාදීම මෙහිදී සිදුවේ.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය වැටී ඇති අසීරු තත්වය හමුවේ මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමට මෙන්ම ආනයන සිදුකරන ව්‍යාපාරික පිරිස ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස මහ බැංකුව මෙම තීරණය ගෙන ඇති අතර විපක්ෂය සියල්ල දේශපාලනීකරණය කරමින් වසංගතය සිය දේශපාලන වසන්තයක් කරගන්නට දරන තැත පිළිකුලින් යුතුව හෙලා දකිමු.

ආනයනික භාණ්ඩ 603ක් සහිත ලැයිස්තුව පහතින්…     

 1,068 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply