මුදල් සොරාගෙන පිං පෙට්ටියත් විකුණූ දෙදෙනා අත්අඩංගුවට!

විහාරස්ථානයක පිං පෙට්ටිය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවක පිරිසිදුකිරීමේ සේවකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සඳහන් කළේ පිළියන්දල වෑවල ධම්මිකාරාම විහාරස්ථානයේ පිං පෙට්ටිය එලෙස සොරකම් කර තිබූ බවය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණුවලට අනුව කැස්බෑව නගර සභාවේ පිරිසිදුකිරීම් අංශයේ සේවකයකු හා තවත් පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් සොරාගෙන පිං පෙට්ටිය ද සැකකරුවන් විසින් විකුණා ඇති බව අනාවරණය වී ඇත.

විහාරස්ථානය ආසන්නයේ නිවසක සවිකර තිබූ CCTV කැමරාවක දර්ශන ඔස්සේ සිදුකර තිබූ විමර්ශනවලදී සැකකරුවන් පිළිබඳව අනාවරණය විය.

ඉකුත් 5වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති අදාළ පුද්ගලයා එම විහාරස්ථානය ආසන්නයේම පදිංචි තවත් පුද්ගලයකු සමග මෙම සොරකම සිදුකර තිබුණි.

පසුව ඔවුන් පිළියන්දල කොලමුන්න ප්‍රදේශයේ තවත් මිතුරකුගේ  නිවසට පිං පෙට්ටිය රැගෙන ගොස් ඇත.

එම නිවසේදී පිං පෙට්ටිය විවෘත කර එහි තිබූ රුපියල් 1,200ක මුදලක් ඔවුන් විසින් රැගෙන ගොස් තිබේ.

පසුව අදාළ නිවසේ පුද්ගලයා විසින් වටිනා දැව වර්ගයකින් නිමවා තිබූ එම පිං පෙට්ටිය හැඩිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 3,000ක මුදලකට විකුණා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලීසිය පවසයි.

තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

 451 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply