කම් සැප පෙන්වා බියකර නිරුවත්කර වීඩියෝ කරයි!

දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් දෙහිවල මහල් සංකීර්ණයක කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන අන්තර් ජාල වෙබ් අඩවිවලින් ලබා ගන්නා විවිධ පුද්ගලයන්ගේ දුරකථන අංකවලට කතාකර කාන්තාවන් අලෙවි කරන මුවාවෙන් එම කාමරවලට ගෙන්වා ඔවුන් නිරුවත් කර ඡයාරූප හා වීඩියෝ ගතකර එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට ත’ර්ජනය කර බියවද්දා රන්භාණ්ඩ ඇතුළු මුදල් දේපල මංකොල්ල කනු ලැබූ පුද්ගලයකු අ’නියම් බිරිඳ ලෙස සැලකෙන කාන්තාවක සමග දෙහිවල පොලිස් අ’පරාධ අංශයේ නිලධාරීන් විසින් මගින් ඉකුත් 02 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන සැ’කකරු හෝමාගම මෙසේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කාන්තාව කිරුලපන කූඹි කැලේ පදිංචි 26 අයෙකු බව ද පොලිසිය කියයි.

අඹු සැමි යුවළක් ලෙස මෙම නිවාස සංකීර්ණයේ කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලයෙන් ලබාගන්නා සමාජයේ විවිධ උසස් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට කතාකර විශ්වාසය තහවුරු කරගැනීමෙන් අනතුරුව කාන්තාවන් අලෙවියට ඇති බව පවසා කාමර අංකය ලබා දී ඔහු එම කාමරයට පැමිණීමෙන් අනතුරුව කාන්තාව විසින් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටින අනියම් සැමියා ගෙන්වාගෙන මොහු තමන් සමග අනාචාරයේ හැසිරීමට පැමිණ ඇති බව පවසන කාන්තාව අ’නියම් සැමියා හා එක්ව පි හි පෙන්වා බි’යවද්දා නිරුවත්කර වීඩියෝගත කරමින් ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට පවසා ත’ර්ජනය කර ඔහු සතු රන් භාණ්ඩ මුදල් ඇතුළු සියලූ‍ දෑ කොල්ලකා පළවා හැර ඇති බවත් සමාජයේ තම තත්වයට හා’නියක් සිදුවිය හැකි බැවින් පොලිසිය වෙත පැමිණිල්ලක් හෝ කිරීමට ඉදිරිපත්ව නැති බවට තොරතුරු පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

මේ අතරතුර ඕමානයේ සිට පැමිණි පුද්ගලයෙකු අන්තර් ජාලයෙන් ලබාගත් දුරකතන ඇමතුමක් අනුව මෙම කාමරයට පැමිණි අවස්ථාවේ එම කාන්තාව හා පුද්ගලයා එකතු වී ඔහු නි’රුවත්කර වීඩියෝකර අන්තර් ජාලයට මුදාහරින බවට ත’ර්ජනය කර බියවද්දා ඔහු සතු රන්මාල හා රුපියල් පනස් දහසක මුදලක් කොල්ලකා ඇත.

ඒ අනුව ඔහු විසින් දෙහිවල පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වි’මර්ශනයේදී සැ’කකරු හා සැ’කකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වැඩිදුර සිදුකළ විමර්ශනයේදී මෙම ස්ථානයට වෛද්‍යවරු, ඉංජිනේරු, ව්‍යාපාරිකයින් ඇතුලූ‍ විවිධ ප‍්‍රභූවරුන්ද පැමිණ අඩ’න්තේට්ටම්වලට ලක්වී ලැජ්ජාව නිසාම පැමිණිලි කිරීමට යොමු නොවී ඇති බවටත් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

 935 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply