පොල්, තල් සහ කිතුල් නිශ්පාදන ප්‍රංශයට!

රජය මේ දිනවල පොල්, තල් සහ කිතුල්  ආශ්‍රිත නිශ්පාදන විදේශ  රටවල ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේ.එහි පියවරක් ලෙස වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජිත පිරිසක් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටී .

මෙරට පොල් සහ තල් ආශ්‍රිත නිශ්පාදන ප්‍රංශයේ බෙදාහැරීම සඳහා නව නියෝජිතයන් පිරිසක්ද පත්කරනු ලැබ තිබේ.එම නිශ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක්ද ප්‍රංශයේ විවෘත කර ඇත.එම නිශ්පාදන බෙදාහැරීම සහ එරට ප්‍රචලිත කිරීමට අදාළ සාකච්ඡාවක් සඳහා ද ශ්‍රී ලංකා දූත පිරිස සහභාගි වී ඇත.

රසායනික පොහොර භාවිතයෙන් තොර ආහාර නිශ්පාදනට සහ කාබනික පොහොර භාවිතයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ ප්‍රසංසාව හිමිවී ඇත.

දේශීය නිශ්පාදන ප්‍රධාන රටවල් අතරට ගෙනගොස් ශ්‍රී ලංකා අනන්‍යතාවය  ලොවට හඬගා කියන්නට ගන්නා උත්සාහය ඉතාමත් අගනේය.අපනයන ආදායම වැඩිකර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා යන්න ඒකායන ප්‍රාර්ථනයයි…!!!

රෂිකා සඳමාලි හෙන්නායක – Facebook

 478 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply