රූපවාහිනියෙන් අධ්‍යාපනය දෙන ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය ඇරඹෙයි!

කොරෝනා ව්‍යසනය හමුවේ අඩාල වූ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍ර යේ දී අද ආරම්භ කෙරුණා.

සියලු විෂයන් සම්බන්ධයෙන් වැඩසටහන් නියමිත කාල සටහනකට මේ තුළින් විකාශය කිරීම සැලසුම වනවා.

ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය නාමල් රාජපක්ෂ,  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්තුරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.  ජාතික අධ්‍යාපන ආයතනය සකස් කරන සියලු විෂයානු බද්ධ වැඩසටහන් විෂය නිර්දේශ ආවරණය වන පරිදි රූපවාහිනි නාලිකා හා වෙබ් නාලිකා වෙත සම්ප්‍රේෂණය කිරීම මෙහි අරමුණයි. අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ටද රූපවාහිනිය මගින් සිය අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදැරීමට මේ තුළින් පහසුකම් හිමි වනවා.

දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ශක්තිමත් කිරීමට තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

 411 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply