වාහන එකලස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි!

දේශීයව වාහන එකලස් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එකලස් නොකළ වාහන මෙරටට ගෙන්වා එකලස් කර වෙළඳපලට මුදා හැරීම සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව හිමි වේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ඩොලර් සංචිත අර්බුදය හේතුවෙන් මෙරටට වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර වාහන එකලස් කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසනවා. ඩොලර් අර්බුදය ඉතා ඉක්ම‍නින් වි‍සඳෙනු ඇති බවත්, ඉන් පසුව වාහන ආනයනය සඳහා අවසර හිමිවනු ඇති බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.

 1,018 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply