දියත උයනේ යුද හමුදා එන්නත් මෙහෙයුම (PHOTOS)

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (06) දින සිට කොළඹ, ගම්පහ,කළුතර ගාල්ල  දිස්ත්‍රික්කවල  අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය සඳහා එන්නත්කරණය ආරම්භ කළ අතර ඊට අදාළව දියත උයන පරිශ්‍රයේදී සහ විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක එන්නත්කරණය අදත් (07) ක්‍රියාත්මක විය. 

එම වයස කාණ්ඩයේ අයට පමණක් නොව වයස අවුරුදු 30ට වැඩි ඕනෑම කෙනෙකුට මෙම එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පළමු මාත්‍රාව මෙන්ම දෙවන මාත්‍රාවද ලබා ගත හැකියි.

ඒ අනුව මෙතෙක් එන්නත් ලබා නොගත් මෙම වයස් කාණ්ඩ වල අයට මෙම ස්ථාන වෙත පැමිණ එන්නත ලබා ගන්නා ලෙසයි යුද හමුදාව ඉල්ලා සිටින්නේ. 

කිසිදු කලබලයකින් තොරව ක්‍රමානුකූලව මෙම එන්නත්කරණය සිදුවෙන හෙයින් එන්නත් ලබා ගැනීමට එන පිරිස්ද කලබලයකින් තොරව පැමිණෙන ලෙසද  යුද හමුදාව ඉල්ලා සිටියි.

 799 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply