ලන්ඩන් මුල්‍ය වෙළඳපොලේ රුපියලේ අගය ඓතිහාසික ලෙස ශක්තිමත් වෙයි!

ලොව ප්‍රමුඛතම මුල්‍ය වෙළඳපොලක් ලෙස සැලකෙන ලන්ඩන් මුල්‍ය වෙළඳපොල තුළ, එක් දිනක් තුළදී රුපියලේ අගය සැළකිය යුතු අන්දමකින් ඉහළ ගොස් තිබෙන බව ලන්ඩන් මුල්‍ය වෙළඳපො​ලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කල බවට  Lanka News Web වාර්තා කොට ඇත.

ඊයේ දිනයේදී ලන්ඩන් මුල්‍ය වෙළඳපොල තුළ ස්ටර්ලින් පවුමක් සඳහා රුපියල් 322 ක වටිනාකමක් සටහන්ව තිබූ අතර එය අද දිනය වනවිට රුපියල් 277 ක් දක්වා අඩු වී තිබෙනවා.

යූරෝ 01 ක වටිනාකමද එක් දිනක් තුළදී රුපියල් 323 සිට රුපියල් 300 ක් දක්වා අඩු වී තිබේ.

මෙම තත්වය මත ඇමරිකානු ඩොලරයේ අගයද රුපියල් 200 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ වනවිටත් මෙරට වාණිජ්‍ය බැංකු හරහා ඩොලරයක් අලෙවි වූයේ රුපියල් 225 ද ඉක්මවූ වටිනාකමකටයි.

පසුගිය මාස කිහිපය පුරා දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල එකවරම ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. මෙම තත්වය දිගටම පැවතුනහොත් එය මෙරට ආර්ථිකය සඳහා යම් සැනසුම් සුසුමක් වනු ඇත.

UN

 1,125 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply