ත්‍රස්ත ප්‍රහාරය ගැන මෙරට පිහිටි නවසිලන්ත මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්!

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලකදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෙරට මහජන නියෝජිතයින්ගෙන් මෙන්ම ප්‍රජා හා ආගමික සංවිධානවලින් ද කොළඹ පිහිටි නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයට පණිවිඩ රැසක් ලැබී තිබෙනවා.

එම පණිවිඩ ඉතා සංවේදී වන අතර ප්‍රහාරයෙන් විපතට පත්වූවන් ගැන සැලකිලිමත් වීම සහ ඔවුන්ගේ පවුල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ගැන එම පාර්ශවයන්ට ස්තූතිය පළ කරන බවයි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

ගෝලීය ආරක්ෂක තර්ජන සංකීර්ණ වන අතර එය මැඩපැවැත්වීමට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වනවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් එකිනෙකා හා සම්බන්ධ වෙමින් සිටින බවයි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරා සහයෝගයෙන් කටයුතු කරන බවත්, ඉදිරියේදීත් එම මිත්‍රත්වය එලෙසම පවතිනු ඇති බවත්, මෙරට පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

 427 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply