සුව විරුවන්ට – රණවිරුවන්ට ශක්තියක් වූ වසන්ත!

කොරොනා වසංගතය සමඟම අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් විශාල මෙහෙවරක යෙදෙන සුව විරුවන් සහ රණවිරුවන් සිය සේවා ස්ථානය කරා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන පෞද්ගලික බස් රථ හිමිකරුවකු අපට හමුවිය.

ඔහු නමින් වසන්තය.  සෑම දිනකම පෙරවරු 6.15 කළුතරින් ගමන් ආරම්භ කරන තම බස් රථය කලුතර නාගොඩ රෝහල ,කලුබෝවිල ශික්ෂණ රෝහල, ,මහරගම අපේක්ෂා රෝහල ,හා රාගම රෝහල කරා කඩවත දක්වා සුව විරුවන් සහ රණවිරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු පවසයි.

කළුතර බණ්ඩාරගම කැස්බෑව නුගේගොඩ , මහරගම හා කොට්ටාව හරහා අධිවේගී මාර්ගය ඔස්සේ රාගම රෝහල අසලට බස් බස් රථය ගමනාන්තය බව ඔහු කීය.

නැවත සවස 4 ට රාගම රෝහල අසලින් ගමන් ආරම්භ කර පිළිවෙතින් අනෙකුත් රෝහල් කරා පැමිණ සුව විරුවන් රණවිරුවන් කළුතර දක්වා ප්‍රවාහනය කිරීමට ඔහු කටයුතු කරයි.

එම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ඥාතීන් ද නොමිලේ ප්‍රවාහනය කරන බව සමීර වසන්ත මහතා අප හා පැවසීය

උපුටා ගැනීම : www.lankadeepa.lk

 379 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply