නොවටිනා මිලට වාහන ගන්න එපා – වාහන මිලට වෙන්න යන දේ මෙන්න!

මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පසුගියදා මාලඹේ පුංචි කාර් නිවසේ හිමිකරු සරත් යාපා බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ අද මෙරට වාහන මිල අසීමාන්තික ලෙස මිල ඉහළ දමා ඇත්තේ මාෆියාකාර ජාවාරම්කරුවන් පිරිසක් විසින් බවයි.

ඔහු පෙන්වා දෙන්නේ වාහන මිල ඉහළ දමා ඇත්තේ කෘතිමව බවත් එය එක්තරා ආකාරයක මාෆියාවක් බවත් ය.

අති විශාල ගණනින් සාමාන්‍ය වාහන මිල ඉහළ දමා පෙන්නුම් කළ ද එතරම් නොවටිනා මිල ගණන්වලට වාහන නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා සුළු පිරිසක් විසින් වාහන සඟවාගෙන ඒවායේ මිල කෘතිමව ඉහළ දැමීමේ ව්‍යාපාරයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඔහු එහි අරමුණ අද නොවේ නම් අනාගතයේ දවසක හෝ ඉතා ඉහල මිලකට එම වාහන විකුණා ගැනීම බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 427 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply