“ලෝකයෙන් ම රවටල් 15යි” ශ්‍රී ලංකාවත් ඒ අතර!

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා රවටල් අතරින් පාසල් පද්ධතිය සම්පූර්ණයෙන් ම වසා දමා ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක පමණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 3 වන දා ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය සහ පාසල් අධ්‍යාපනය කෙරෙහි බලපෑම පිළිබඳව ගේට්වේ ජාත්‍යන්තර පාසල් ප්‍රජාවට පැවත් වූ දේශනයකදීය.

2021 මැයි මාසයේදී ලොව පුරා රටවල් 23ක පාසල් වසා දැමූ අතර ඊට ශ්‍රී ලංකාවත් ඇතුළත් වී තිබුණු බව මහාචාර්යවරිය මෙහිදී සඳහන් කළාය.

යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ හෙන්රිටා ෆෝ සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රි අසෝලේ උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ, “පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා නොසිටිය යුතු” බවය.

 820 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply