සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් කටුනායකට!

ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිළදී ගත් ” සයිනොෆාම් ” එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.

ශ්‍රී ලංකාව විසින් මේ වනවිට චීනයේ ” සයිනොෆාම් ” එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් 220,00,000 ක් (මිලියන 22 ක් ) මිළදී ගෙන ඇති බ , මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එසේම එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් – V ” එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට එම එන්නත් එක් ලක්ෂ විසි දහසක් (120,000 ) ක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට , රුසියානු ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

 299 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply