තෙලිකඩ හොරගම්පිට දීපගොඩ පොල්වත්තක පිහිටි නිවසක අලුත විවාහ වූ යුවළක් වෙනුවෙන් පැවැති මිතුරු සාදයකට සහභාගි වූ පුද්ගලයන් නවදෙනකු රුපියල් 352000ක් වටිනා මත්ද්‍රව්‍ය ​තොගයක් සමග පෙරේදා (26 වැනිදා) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි. මෙම සාදය පවත්වා ඇත්තේ ප්‍රවීණ රගර් ක්‍රීඩකයකුගේ බිරිඳට අයත් නිවසකදීය.

රුපියල් 1800000ක් වටිනා මුද්දර මත්ද්‍රව්‍ය 45ක්, රුපියල් 72000ක් වටිනා මත්පෙති 18ක්, රුපියල් 20000ක් වටිනා කේරළ ගංජා ග්‍රෑම් 05ක්, රුපියල් 40000ක් වටිනා ඈෂ් ග්‍රෑම් 07ක්, රුපියල් 40000 වටිනා එම්.ඩී.එම්. ග්‍රෑම් 02ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙකී මිතුරු සාදය සඳහා පිරිමි පුද්ගලයන් 12 දෙනකු හා කාන්තාවන් 05දෙනකු සහභාගි වී සිට ඇති බව පොලිසිය පවසයි. මොවුන් නුවර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මැදිරිගිරිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25ත් 35ත් අතර වියේ පසුවන අය බව ද පොලිසිය සඳහන් කරයි.

සාදය පැවැති ඉඩමේ අයිතිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකරුවන් ඊයේ (27 වැනිදා) බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තෙලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එල්.එම්. ජනකප්‍රිය ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

එච්.එම්. සමන් -අක්මීමන

ගැමුණු චන්ද්‍රලාල් -ගාල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here