ලංකාවේ ඖෂධ හිඟය හා මාෆියාව!

ඖෂධ හිඟය හා ඖෂධ මාෆියාව පිලිබදව පසුගිය සතියේ කතාබහක් සමාජය තුළ ඇති විය. ඇතැම් පිරිස් රජයට ඖෂධ වර්ග මිලට ගැනීම සදහා බල කිරීමක් සිදු කරන ආකාරය හා වෛද්‍යවරුන් නොවන පිරිස් විවිධ ඖෂධ නිර්දේශ කිරීම ද දක්නට ලැබිණි. මෙමගින් මෙරට ජනයා විශාල වශයෙන් නොසන්සුන් වීමක් දක්නට ලැබුණු අතර, ලංකාව තුළ ඖෂධ හිගයක් ඇතිද යන්න සෙවීම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාව Fact Research කණ්ඩායම සම්බන්ධ කර ගන්නා ලදී.

වෛද්‍ය සැපයුම් අංශය තුල නිල දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් තිබෙනවා. එම අංශය හරහා 2021 අගෝස්තු මස 31 වන දිනට අදාලව තොරතුරු මේ සදහා පාදක කර ගන්නා ලදී. ශ්‍රී ලංකාව තුල ඖෂධ ප්‍රබේද වශයෙන් ප්‍රබේධ 830 ක් පමණ ඇති අතර , මාත්‍රා වශයෙන් ගත් කළ මාත්‍ර 1200 කට අධික ප්‍රමාණයක් හදුනා ගන්න පුළුවන්. මේ ඖෂධ අතරින් අත්‍යවශ්‍ය ගණයට වැටෙන (Vital ) ඖෂධ එකක වත්, හිගයක් මේ වන විට ලංකාව තුල නොමැත. Essential drugs කාණ්ඩයට අයිති වන ඖෂධ 400 අතරින් ඖෂධ 11 ක පමණ තොගය අවසන් වන මට්ටමට පැමිණ තිබෙනවා. මෙයින් ඖෂධ කිහිපයක සැපයුම්කරුවන් නොමැති වීම නිසා රජය වශයෙන් මිලට ගැනීමට නොහැකි වී තිබෙනවා. ඉතිරි ඖෂධ වලින් වර්ග 17 -20 පමණ ප්‍රමාණයක හිගයක් මේ වන විට තිබෙනවා. සාරාංශයක් ලෙස ගත් කළ ඖෂධ 1200 කින් පමණ ඖෂධ 25 ක් 30 ක් පමණ නොමැති වෙලා තිබෙනවා. මම ඖෂධ සංස්ථාවේ සභාපති වරයා වශයෙන් පත් වන විට මාසෙකට මෙරට ඖෂධ වර්ග 300 ක් 400 ක පමණ හිගයක් දක්නට ලැබුණු අතර එය වර්තමානයේ හිගය 30 කට පමණ අඩු වී තිබෙනවා.

2019 වර්ෂය වන තෙක් ඖෂධ හිගයක් පවතින අවස්ථාවේදී රජය පුරුද්දක් වශයෙන් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි මිලදී ගැනීම්, අධික මිල ගණන් යටතේ ඖෂධ සංස්ථාව මිලට ගන්නට පෙළඹුණු අතර 2020 අප්‍රේල් මස සිට සම්පුර්ණයෙන්ම හදිසි මිලට ගැනීම් SPC විසින් නවතා දමා තිබෙනවා. උදාහරණයක් වශයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දෙන Rituximab ඖෂධය 2019 වර්ෂයේ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 55,000 කට මිලට ගෙන තිබුනේ. අප එය 2020 වර්ෂයේ 17,735 කට තමයි මිලට ගත්තේ. මෙලෙස හදිසි මිලට ගැනීම් යටතේ මාත්‍රා 3443 ක් මිලට අරන් තිබුණ. 17,735 කට මිලට ගන්න තිබුන ඖෂධය 37,265 ක් වැඩිපුර ගෙවල තියනවා. එතකොට මාත්‍රා 3443 හදිසි මිලට ගැනීම් නැතුව සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට ගිය නිසා රජයට ඉතුරු කර ගැනීමට හැකි වූ මුදල 128,302,049.12 ක්. එක බෙහෙතකින් පමණක් රුපියල් මිලියන 128 ක් මෙරටට ඉතුරු වෙලා තියනවා. පසුගිය කාලයේ 30% මිල අඩු කරා කියල මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට සත්‍ය වශයෙන්ම 200% ක් 300 % වගේ ගණන් වලින් වැඩි මිලට ඖෂධ අරගෙන තියනවා.

මෙලෙස ඖෂධ හිගයක් මවමින්, මිලට ගත් හදිසි මිලට ගැනීම් නවත්තපු ගමන් මෙරටට වසරකට ඉතුරු උන මුදල රුපියල් බිලියන 1.14 ක්. පිළිකා ඖෂධ වලින් බිලියන 2.260 ක් ඉතිරි උනා. එතකොට ඔබට අවබෝධයක් ගන්න පුළුවන් ඖෂධ මාෆියාව තුළ වැඩිපුර අපේ සල්ලි ගෙවල තියන විදිය. මේ සේරම මෙරට අහිංසක රෝගීන් වෙනුවෙන් තවත් ඖෂධ මිලියන ගණන් ලබා දෙන්න තිබුන අවස්ථාව නැති කරලා තියන විදිය. මේක එක අවුරුද්දක සිදු වූ දෙයක් නෙවෙයි. 2019 ට පෙර වර්ෂ වල පවා මේ විදියට තමයි මිලදී අර ගෙන තියෙන්නේ.

තව ඖෂධයක් ලෙස captopril Syrup 100ml අපි උදාහරණයකට ගමු. 2019 වර්ෂයේ රුපියල් 55,185 කට මිලට ගත් ඖෂධය අප මිලට ගත්තේ කීයද කියා ඔබ සිතනවාද ? රුපියල් 395 යි. ඒ කියන්නේ එක් ඖෂධයක් වෙනුවෙන් 55,185 ක් වියදම් කරන විට අපිට රුපියල් 395 ගානේ තවත් ඖෂධ 140 ක් පමණ මිලට ගන්න පුළුවන්. විටමින් D injection රුපියල් 300 කට ගන්න පුළුවන් කම තියන කොට පසුගිය යහපාලන රජය මිලට අරන් තියෙන්නේ රුපියල් 20,000 කට. හිතන්න සත්‍ය මිල හා පසුගිය රජය මිලට ගත් මිල අතර වෙනස.

ඔබ හිතනවා ඇති මේ මිලට ගැනීම් නීතිවිරෝධී කියල ද ? නෑ. මේ ක්‍රමය නීති විරෝධී නොවන ආකාරයට මිලට ගන්න ඔවුන් කටයුතු කරලා. ඖෂධ හිගයක් බොරුවට මවා පලා හදිසි මිලදී ගැනීම් සදහා මිල ගණන් කැඳවනවා. එතකොට හිතවත් සැපයුම්කරුවන් කිහිප දෙනෙක් වැඩි මිලට මිල ගණන් ඉදිරි පත් කරනවා. ඊට පස්සේ වැඩි මිලට මිලදී ගන්නවා. එය සාමාන්‍යයෙන් සිය ගුණයක් වගේ වැඩි මිලක් වෙන්නත් පුළුවන්. හදිසියේ වැඩි මිලට උනත්, ටෙන්ඩර් දාල ගන්න නිසා කිසිම නීතිය පැත්තෙන් වරදක් වෙලා නෑ. එතකොට ජාවාරම්කරුවන් ආරක්ෂා වෙලා.

ඇත්තටම අද වෙලා තියෙන්නේ මෙන්න මේ දෙය. බෙහෙත් වලින් මිලියන බිලියන ගණන් හොයපු අයට අද අදායම් මාර්ග නැති වෙලා තියනවා. විවධ රටවල්, බහුජාතික සමාගම්, වෛද්‍යවරුන්, නිලධාරීන්, දේශපාලන නියෝජිතයන් විවිධ පුද්ගලයන් මේ මාෆියාව හා සම්බන්ද වෙලා මේ ක්‍රමය කඩාකප්පල් කිරීමට උත්සහ කරනවා. විවිධ බොරු චෝදනා කරනවා. අසත්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. කෘතීමව ඖෂධ හිගයන් නිර්මාණය කරනවා. මේ ඖෂධ මාෆියාව තුල ඔවුන්ගේ අදායම් මාර්ග ස්ථාවර කර ගන්න ඩොලර් මිලියන බිලියන ගණන් වියදම් කරනවා. අප බුද්ධිමත්ව හිතලා කටයුතු කරලා මේවගෙන් බේරෙන්න අවශ්‍ය වනවා.

අපි හදිසි මිලට ගැනීම් නවත්වනවා කියල හෝ ඖෂධයක් සදහා ටෙන්ඩර් කැදවීමක් ආරම්භ කරා කියලා ප්‍රසිද්ධ කරපු ගමන්, දේශපාලන නියෝජිතයන්, විවිධ මාෆියා නියෝජිතයන්, ජාවාරම්කරුවන්, විවිධ ප්‍රකාශ කරලා ජනතාව නොසන්සුන් කරනවා. එන්නත් හොද නැ, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙරට නිපදවන ඖෂධ හොද නැ, බාල බෙහෙත් ගෙන්වලා වගේ අසත්‍ය ප්‍රකාශ ඔබට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ ඔබට මේ වැනි අසත්‍ය ප්‍රකාශ, කෘතීම බෙහෙත් හිඟ ගැන අසන්නට ලැබුනද ? නෑ . ජාවාරම්කරුවන් ඔවුනට අවශ්‍ය විදියට මේ රටේ ඖෂධ වෙළෙඳපොල මෙහෙය වුවා. මාෆියා සල්ලි වලින් කොතරම් විවේචන, මාධ්‍ය සාකච්ජා, පුවත්පත් ලිපි, උද්ඝෝෂණ මෙහෙය වුවත්, අපේ ගමන ඒවාට නතර කරන්න ඉඩ දෙන්නේ නෑ . බලා බෙහෙත් ගෙන්වන එක නතර කරලා, ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන මට්ටමට අප මෙය ගෙන එනවා. මේ ගැන අප සියලු දෙනා සහතික වන අතර ඉදිරියේදී ඇතැම් බෙහෙත් ගෙන්වන එක නතර කරලා ඒවා ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කරනවා කියන එකත් කියන්න ඕන.

මම මේ කරන ලද සියලු විස්තර අපගේ https://www.spc.lk/ වෙබ් අඩවිය හරහා ඔබට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඖෂධ මිල ගණන් – https://www.spc.lk/products.php
ටෙන්ඩර් පිඉලිබද තොරතුරු – https://www.spc.lk/tenderDisplay.php

ඖෂධ වර්ග 200 ක පමණ වෙළෙදපොල මිලට වඩා වැඩි අධික මිල ගණන් යටතේ 2019 ට පෙර රාජ්‍ය ඖෂධ සංස්ථාව මිලට ගත් ඖෂධ වල මිළ ගණන් Fact Research ආයතනය සතුව ඇති අතර, ඉන් කිහිපයක් ඔබගේ පරිශීලනය සදහා පහත පරිදි පළ කරනු ලැබේ.
(පහත දැක්වෙන්නේ 2019 වර්ෂයේ ඖෂධ මිලට ගත් මිල හා 2020/21 වර්ෂයේ ඖෂධ මිලට ගන්නා ලද මිල ගණන් වේ.)

ඖෂධය – rituximab 500mg /50 ml vial
2019 මිල – 55,000
2020/21 මිල – 17,735

ඖෂධය – clindamycin 300mg / 2 ml
2019 මිල – 206.38
2020/21 මිල – 42.30

ඖෂධය – docetaxel
2019 මිල – 4,917
2020/21 මිල – 998.26

ඖෂධය – captopril 5mg ml
2019 මිල – 55,185
2020/21 මිල -395

ඖෂධය – lorazepam 4mg
2019 මිල 18,330
2020/21 මිල – 373

ඖෂධය – sumatriptan 50 mg
2019 මිල – 3,155.70
2020/21 මිල – 90

ඖෂධය – co-careldopa 25mg/100mg tablets
2019 මිල -134.67
2020/21 මිල – 7

ඖෂධය – metaraminol 10mg
2019 මිල – 25,989
2020/21 මිල – 3,875

ඖෂධය – furosemide 20mg
2019 මිල – 49.92
2020/21 මිල – 6.91

ඖෂධය – dopamine 200mg
2019 මිල 938.50
2020/21 මිල -27.74

ඖෂධය – sodium nitroprusside 50mg
2019 මිල – 46,029
2020/21 මිල – 800

ඖෂධය – hydrocortisone 5mg
2019 මිල – 442.20
2020/21 මිල – 2

ඖෂධය – clonidine hydrochloride injection 150mcg
2019 මිල – 51,456
2020/21 මිල – 1300

ඖෂධය – ascorbic acid injection 100mg
2019 මිල – 71,355
2020/21 මිල – 1500

ඖෂධය – esmolol 100mg/10ml
2019 මිල – 56,883
2020/21 මිල – 600

ඖෂධය – nevirapine suspension
2019 මිල – 38,793
2020/21 මිල – 300

ඖෂධය – paracetamol suppository 500mg
2019 මිල – 165.75
2020/21 මිල – 12.10

ඖෂධය – phenytoin sodium tablets 100mg
2019 මිල – 4.57
2020/21 මිල – 1.19

ඖෂධය – glyceryl trinitrate 0.5mg
2019 මිල – 3.61
2020/21 මිල – 1.04

ඖෂධය – baclofen 10 mg
2019 මිල – 12.31
2020/21 මිල – 2.31

උපුටා ගැනීම : www.factresearch.lk

 785 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply