වර්ජනයට සහාය නොදෙන ගුරුවරුන්ට විවිධ තර්ජන!

ගුරු වර්ජනයට සහාය නොදක්වන ගුරුවරුන්ට අනෙක් ගුරු සංගම්වලින් විවිධාකාරයෙන් තර්ජන එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසංතා හදපාන්ගොඩ මහත්මිය පැවැසුවාය.

එලෙස තර්ජනවලට ලක්වූ ගුරුවරු ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිසිවලට ගොස් මේ පිළිබඳ මතුආරක්ෂාව පතා පැමිණිලි දමා ඇතැයි ද ඇය සඳහන් කළාය.

පාසල්වල ගුරුවරු එක්ලක්ෂ හතළිස් හත්දහසක් පමණ පිරිසක් සේවය කරන බවත් තම සංගමයේ සිටින්නේ හතළිස් දහසකට ආසන්න ගුරුවරු පිරිසක් බවද ඇය සඳහන් කළාය. ‘අපේ සංගමයේ ගුරුවරු දිගටම ඔන්ලයින් ඉගැන්වීම් කරගෙන ගියා. ඒ අයට දිගටම තර්ජන එල්ල වුණා. ගුරුවරියන්ට විවිධාකාරයෙන් මේ අය චරිත ඝාතනය කරමින් ෆේස්බුක් හරහා මඩ ව්‍යාපාර කරගෙන ගියා. ඒ නිස බොහෝ දෙනා බියට පත් වී ඉන්නවා. නමුත් මේ වන විටත් ඒවට බිය නොවී ඔන්ලයින් හරහා දරුවන්ට ඉගැන්වීම් කරන ගුරුවරු එම කටයුතු දිගටම කරගෙන යනවා” යැයි වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවතින තත්ත්වය පිළිබඳ සදහන් කළාය.

ශිරාන් රණසිංහ

 580 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply