පහන්තුඩාව ඇල්ල ළඟ අඹු සැමියන් ලෙස හැසිරෙන වීඩියෝව ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ!

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳ පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමුකළ අය කවුරුන්දැයි සොයාගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේ ද අවධානය මේ වනවිටත් යොමුවී ඇති බවය.

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙම නිරුවත් වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයෝ යූටියුබ් නාලිකා මගින් දැඩි විරෝධය මේ වනවිටත් එල්ල කරමින් සිටිති.

මෙම තරුණ යුවළ නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කර ඇත්තේ බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසලදී බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

ඒ අනුව, මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ඩී. වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ඔහුව ද දැනුවත් කර ඇති බවත් මුලින් ම මෙම දියඇල්ල කුමක්දැයි සොයාගැනීමට විමර්ශන සිදුකරන බවත්ය.

එමෙන් ම, මෙම වීඩියෝපට හා නිරුවත් පින්තූර කාන්තාවක සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයට යොමුකර ඇති බැව් දිස්වෙන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹු – සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුව ද පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හා යූටියුබ් තුළින් ඇතැමුන් පවසන්නේ, බෙලිහුල්ඔය පිහිටි මෙම පහන්තුඩාව දියඇල්ල දර්ශනීය වූ ස්ථානයක් බවයි.

එමෙන් ම, දිවයිනේ බොහොමයක් ස්වාමීන් වහන්සේලා නිතර ම මෙම ස්ථානයට වැඩම කරන බවත් එමෙන් ම මවුපියන් වැඩිහිටියන්ගේ දූදරුවන්ගේ මෙන් ම බාල මහලු අයගේ ආකර්ෂණය දිනාගත් මෙම දියඇල්ල මෙවන් අනිසි ක්‍රියාවකට යොදාගත් මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රදේශවාසීන් මෙන් ම සමාජ ජාලා ක්‍රියාකාරීන් ද පොලිසියෙන් මෙන් ම අදාළ බලධාරීන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත.

 1,408 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply