පාස්කු ප්‍රහාරය එල්ලවී මාස හයක් පසු කොට ඇත නමුත් මාස හයක් යනතුරුත් ජිවිත 300ක් දිවි පුදකළ ඒ අවාසනාවන්ත සිදුවීමට එකදු වගකිවයුත්තකු හෝ හෙළිකිරීමට ආණ්ඩුවට නොහැකිවීම රටේ ජනතාවගේ අවාසනාව සහ වැඩබැරි ආණ්ඩුවේ නොහැකියාව බව නොරහසකි. තිස් අවුරුදු යුද්ධයක් නිමවා සාමකාමී රටක් 2015දී භාරගත් මේ ආණ්ඩුවට සියලු විස්තර හා තොරතුරු ලැබී තිබියදිත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කිසිත් නොකළේ මන්ද යන වග තවමත් අභිරහසකි. රටේ පොලිස්පති මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් සිරගතවය. ප්‍රහාරය ගැන සොයන්නට පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයින් ප්‍රහාරය එල්ලකළ සහරාන්ලා සමඟ කල දේශපාලන සාකච්චා එකින් එක එලියට එමින් ඇත.

තත්වය මෙසේ වෙද්දී වැඩ බැරි ආණ්ඩුව ජනාධිපතිවරණ වේදිකාවේ අමු පච හලන්නට පටන්ගෙන ඇති අතර සමහර ගොන් ඇමතිලා තම හෙළුව වසා ගැනීමට එක එක ගොන් කතා කියන්නට පටන්ගෙන ඇත. රාජ්‍ය ආරක්ෂාව භාරව සිටි රනිල්ගේ බෑනා කෙනෙකු වන රුවන් විජේවර්දන පසුගියදා ගොන් කතාවක් කීය ඒ ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරායව සිටි කාලයේද බෝම්බ පිපිරුණ බවයි. අදාල ඇමතිවරයා නොදන්නවා උනාට යුද්ධ කාලයේ රට හැමතැනම බෝම්බ පිපිරුණ බව ජනතාව දනී එසේ බෝම්බ පිපිරිම නවතා ආරක්ෂාව පිරි රටක් ජනතාවට උදා කලේ කවුද කියාත් ජනතාව හොඳින් දනී.

වැඩ බැරි ඇමතිලා කියන තවත් කතාවක් වන්නේ සහරාන් ඇතුළු ත්‍රස්තයන්ට එවකට ආරක්ෂක අමාත්යංශය හරහා වැටුප් ගෙවූ බවය. රාජ්‍ය බුද්ධි කේෂේත්‍රය පිලිබදව කරුණු දන්නා කිසිවෙකුට මෙය තේරුම් ගැනීම අපහසු නැත. ඇමරිකානු බුද්ධිංශ එදා ඔසාමා බින් ලාඩන් අල්ලා ගන්නට පකිස්තාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට වැටුප් ගෙවමින් බුද්ධි තොරතුරු ලබාගත්තේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයින්ට සහාය දීමට නොව අදාළ තොරතුරු හරි ආකාරව ලබා ගැනීමට ඇති උපක්‍රමය එය නිසාවෙනි. අපේ ඔස්තර්ලාට අනුව බින් ලාඩන් අල්ලා ගැනීමට ඇමරිකන් හමුදාවම ගියානම් කසිදා එම ක්‍රියාන්විතය සිදුකරන්නට නොහැකි වනු ඇත.

ඉන්දියානු රෝ ඔත්තු සේවයේ සමාජිකයින් ඉන්දියාවෙන් මෙරටට එවන්නේ නැත ඔවුන් තමන්ට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගන්නේ ඔවුන්ට බුද්ධි තොරතුරු සපයන ලාංකිකයින්ට මුදල් ගෙවමින්ය අනිත් රටවලද එසේමය. යුධ සමයේ ප්‍රභාකරන්ගේ ආරක්ෂකයින්ගෙන් අපේ හමුදාව බුද්ධි තොරතුරු ලබා ගත්තේද මේ ක්‍රමෙන්ම ඔවුනට මුදල් ලබා දෙමින්ය. එදා මිලේනියම් සිටි මහා බුද්ධි අංශ පාවාදීම සිදුකල කාලකන්නි ප්‍රධානත්වය දරන මේ ආණ්ඩුවේ ලොක්කන් බුද්ධි අංශ ක්‍රියාදාමය පිළිබඳව මෙසේ පච අතහැරීම පිළිකුල් සහගතය.

මේ ඇත්ත කතාව ආණ්ඩුවේ නොදන්නවා නොවේ නමුත් සිය බංකොලොත් දේශපාලනය වසා ගැනීමට බොරුව වපුරයි. නමුත් ඇත්ත කතාව 97 වතාවක් ප්‍රහාරය එල්ලවන් බවට විදේශ බුද්ධි අංශ පවා තහවුරු කොට තිබියදීත් එය වලක්වා ගැනීමට මොවුන් අසමත් වීමය දැන් එය වසා ගැනීමට මොනවා කිව්වත් මොලේ කලඳක් හෝ තිබෙන මිනිසුන් කතාන්දරය තේරුම්ගෙන හමාරය. එබැවින් මුසා බස් හා වාචාල කතාවලට නොරැවටී රට ආරක්ෂාකරන සහ කල හැකි නායකත්වයකට රට භාර කල යුතුබව නම් කිවයුතුමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here