“ITN, රූපවාහිනී ආණ්ඩුවට කඩේ යාම වහාම නවත්තන්න” – ඇමති ඩලස්ගෙන් රාජ්‍ය මාධ්‍යට තහනම් නියෝගයක්! [VIDEO]

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ බව හෙළිදරව් වුයේ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී වන අතර අමාත්‍යවරයා එහිදී කියා සිටියේ රජය සිදු කරන හරි දේ නිවැරදි ආකාරයෙන් ජනතාව වෙත සන්නිවේදනය කරනවා සේම රජයේ වැරදි විවේචනයට ඇති අයිතිය ආරක්ෂා කරනවා සේම ඒ වෙනුවෙන් තමා පෙනී සිටිනා බවයි. එහි සම්පුර්ණ වගකීම තමා පිභාරගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තවදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියේ තමා විෂය භාර අමාත්‍යවරයා වුවත් මාතර දිස්ත්‍රික්කයේ සිදුකරන පෞද්ගලික දේශපාලන වැඩසටහන් සඳහා රාජ්‍ය මාධ්‍ය කිසිදු ප්‍රචාරයක් ලබා නොදුය යතු බවත් තමා සම්බන්ධව කැබිනට් මාධ්‍ය හමුවේදී පවසන දේ පමණක් ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලෙසයි.

අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය කණපිට හරවමින් රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නව ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කැපවීම සියලු දේශපාලකයින්ට ආදර්ශයක් වන අතරම ITN රූපවාහිනී වැනි මාධ්‍ය ආයතන වලට මින් මතුවට ආණ්ඩුවට කඩේ යාමට වෙනුවට ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට හැකියාව ලැබී ඇත.

එම ආයතනවල ලොකු පුටුවල සිටින ප්‍රධානීන්ට අපට කියන්නට ඇත්තේ දැන් වත් ආණ්ඩුවේ ගුණ ගයමින් ඇමතිවරුන් රවටා ලකුණු දාගන්නා ගමන් ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා වෙනුවට ජනතාවට ඇත්ත කියන සැබෑ මාධ්‍ය මෙහෙවරක් වෙනුවෙන් කැපවන ලෙසයි. එය ජනතා බදු මුදලින් ලබනා වැටුපට සාධාරණයක් වනු ඇත.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පලකල අදහස් පහතින්…

 1,242 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply