අධි බලැති පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වටලයි!

පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මාතර  හා ගන්දර  ප්‍රදේශ වල ගල් වැඩපොළවල් මුවාවෙන්  අධි බලති  පුපුරන ද්‍රව්‍ය  රැස්කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම  පුපුරන ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3050 ,ජෙලට්නයිට් කූරු 672 ක් හා සේවා නුල් මිටර් 500 පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා මෙතරම් පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැස්කර ගෙන සිටියේ කුමන අරමුණක් සඳහාද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව වැටලීම සිදු කළ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.සැකකරුවන් ගන්දර  හා මාතර පොලිසිවලට භාරදී ඇත.

 745 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply